රජය විසින් මින්පසු ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් පත් නොකිරිමේ තිරණයක - අමරවීර
රජයේ කිසිදු අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්යක්ෂවරුන් පත් නොකිරීමට රජය විසින් තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඊයේ (28) පරිසර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා කියා සිටියේ පරිසර අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘති 20ක් සඳහා අධ්යක්ෂවරු පත් කර ඇති නමුත් එම එක් ව්‍යාපෘතියකින් හෝ රටට හෝ පරිසරයට ඵලදායී මෙහෙවරක් සිදු නොවන බවයි.
ඇතැම් ව්‍යාපෘති අධ්යක්ෂවරු එම තනතුරට ලබා දෙන පහසුකම් භුක්ති විඳිමින් සිටිනවා විනා තමන්ට පැවරී ඇති වගකීමක්වත් ඉටු නොකරන බව සඳහන් කළේය.
රජය විසින් දැනට ඇති තොරතුරු අනුව හැම අමාත්‍යාංශයක්ම යටතේ ඇති ව්‍යාපෘතිවලට පත් කර ඇති අධ්යක්ෂවරුන් ප්‍රමාණය 750 ඉක්මවන බවත් ඇතැම් අධ්යක්ෂවරු කැප වී කටයුතු කළ ද බොහෝ දෙනෙකුගේ කටයුතු පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
රජයේ ව්‍යාපෘති සඳහා අධ්යක්ෂ තනතුරුවලට පත් කරන ලෙස ඉල්ලා ඉල්ලීම් ලැබුණත් මෙම ව්‍යාපෘතිවල දැනට සිටින අධ්‍යක්ෂවරුන්ගේ කටයුතු පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කරන බවත්, ඉන් අනතුරුව නැවත ව්‍යාපෘති අධ්යක්ෂ තනතුරු සඳහා කිසිදු පත්කිරීමක් සිදු නොකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
popular news
-
Kumar Friday, 30 October 2020 07:06 AM
Project directors are assigned to political hacks so that they get fat pay packets. At least there must be a project manager to coordinated all related activities.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

