රජය වැටුණද? ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන්
ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ පැවැත්වූ ජනබලය විරෝධය අසාර්ථක ව්‍යාපෘතියක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ජනබලය අසාර්ථක මෙහෙයුමක් බවට පත්වුණා. මේ අය කිව්වේ රජය වට්ටනවා කියලයි. රජය වැට්ටුවද? දැන් අරමුණ කිවවා ප්‍රතිඵලය කුමක්ද? කොලඹ ජීවත්වුණ ජනතාවට තමයි පිඩනයක් ඇතිවුණේ. පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිව්වා ලක්ෂ 10ක ජනතාවක් ගේනවා කිව්වා, සමහරු කිව්වා ලක්ෂ 2ක් ගේනවා කිව්වා. ලක්ෂයක්වත් නෑ. ඉන් අඩක්වත් නෑ.
එහි ප්රවෘත්ති දිහා බලලා ජනතාව පීඩාවට පත්වුණා.දරුවන් පාසල්වලට ගෙනියන්න බැරිවුණා. සමහරු තමන්ගේ ආයතනවලට ආවේ නෑ. රජයේ දෙපාර්තමේන්තුවල වැඩට ආවේ නෑ. බදාදා මහජන දිනයක්. ජනතාවට තමන්ගේ ප්‍රශ්ණ කියන්න අවස්ථාවක් නෑ. මේකෙන් රජය පීඩාවට පත්වුණේ නෑ.
මේක පොහොට්ටුව ඇතුළේ ඊළග නායකත්වය තහවුරු කර ගන්න කරපු ව්‍යාපාරයක්. පොහොට්ටුවේ තියෙන නායකත්ව ප්‍රශ්ණ උඩ ඉදිරි නායක්තවය හදාගන්න කරපු දෙයක්. ජනතාවට බොන්න දීලා, බස්වලට කෝටි ගණනක් දීලා ජනාතව කොළඹට ගෙනල්ලා ජනතාවට සෙතක් වුණාද? ආණ්ඩුවට බලපෑමක් වුණාද? රජය වැටුණද? නෑ. අසාර්ථක ව්‍යාපාරයක්. හෙට උදේ රජයක් බිහිවෙනකම් බලාගෙන ඉන්නවා”

popular news
-
Ruwan Wednesday, 05 September 2018 10:43 PM
අපිට අවශ්‍ය ඔබ සහ හරින වැනි නායකයන්.
Reply : 38 29
Ruwan Wednesday, 05 September 2018 10:44 PM
මට තියෙන එකම දුක ඔබේ පුවත් පතත් අපේ කොමෙන්ට් නොදා සිටීම පමණයි.
Reply : 0 1
Champa Wednesday, 05 September 2018 11:30 PM
කවුද කිව්වේ රජය වට්ටනවා කියලා? හිටපු ජනාධිපතිතුමා එහෙම කිව්වේ නැහැ. එතුමා කියන එක විතරයි වැදගත්. ආණ්ඩුවේ ආයේ වට්ටන්න දෙයක් නැහැ. වැටිලා ඉන්නේ. ආණ්ඩුව කොහොමත් තක්බීර් වෙලා ඉන්නේ. හොඳටම දන්නවා මේ තමන්ගේ අවසාන කාලේ කියලා. අවසාන UNP ආණ්ඩුවත් කියලා. ජන බල විරෝධතාවයේ කිසිම අසාර්ථකත්වයක් නැහැ. සාර්ථකයි. තිබුන එකම එක hiccup එක තියපු දවස සහ තැන. ලේක්හවුස් වටරවුම ගත්තේ අයි කියලා මං දන්නේ නැහැ. කොහොම වුනත් චන්දයක් පළාතකවත් නැති කාලෙක මෙහෙම මිනිස්සු කවදද රැස්වීම් වලට ආවේ? ආණ්ඩුවට පුලුවන්ද? තව හුඟක් සාර්ථක වෙනවා හිටපු ජනාධිපතිතුමා කිව්වා නම් තමන්ගේ ඊළඟ ආණ්ඩුව ගෝඨාභයවත් බැසිල්වත් නැති, කලින් තමන් වටේ හිටපු හෙන්චය්යන් කවුරුවත් නැති ආණ්ඩුවක් කියලා. එහෙම කිව්වා නම් ලංකාවෙන් 2/3ක් එතුමා එක්ක එකතු වෙනව කිසි කතාවක් නැතුව. ජනාධිපතිවරණෙට තව කල් තියෙනව. වහල් ආණ්ඩුවට දිනනවා තිය අඩු ගානේ ඉදිරිපත් කරන්නවත් මිනිහෙක් නැහැ. අන්න පොලිස්පතිතුමා නම් ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන ලකුණු තියෙනවා.
Reply : 4 13
rocky Thursday, 06 September 2018 04:47 AM
පවිත්‍රා නෝනා කියල තිබුන , කොළඹ ඇවිල්ලා ආපහු යන්නේ ආණ්ඩුවක් අරගන කියල! මගේ හිතේ ආණ්ඩුව දැන් ඇති එයාගේ හෑන්ඩ් බැග් එකේ! එක පිස්සෙක් කියල තිබුන මහින්දට රට බාර දෙනවා කියල. මගේ හිතේ සින්නක්කර ඔප්පුව දැන් රෙජිස්ටෙර් කොරන්න යවල ඇති!
Reply : 13 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

