රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළා
දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට තිබූ ස්ථාන ලෙස රජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට තමාට හැකිවිණැයි ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා පවසයි.
පෞද්ගලික ආයතන ශක්තිමත් කොට ලාභ ලබන තත්ත්වයට පත්කළ අත්දැකීම් බහුල පිරිසක් අද කිසිදු වරප්‍රසාදයක් නැතිව රාජ්‍ය ආයතන නගා සිටුවීමට තමා සමග එක්ව සිටිතියි ඔහු කියයි.
රාජ්‍ය ආයතන කිහිපයකට අලුතින් පත් කෙරුණු සභාපතිවරු සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග ‘ඊයේ (06දා) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය.
රටේ ජනතාව තමාට කළ අභියෝගය ජය ගැනීමට සියලු රාජ්‍ය නිලධාරීන් පෙළගැසිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. රාජ්‍ය ආයතන ශක්තිමත්ව සහ විධිමත්ව ජනතා අවශ්‍යතා ඉටුකිරීමෙන් ප්‍රශ්න රැසකට සාර්ථකව මුහුණදිය හැකි බව ඔහු කීය.
සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමග පැවැත්වෙන සාකච්ඡා මාලාවේ 03 වැන්න ලෙස රැස්වීම කැඳවා තිබිණ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් දැක්ම සහ ඉලක්ක පිළිබඳව සේම රාජ්‍ය සේවයේ දැක්ම, ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳව දැනුවත් කිරීම සාකච්ඡා මාලාවේ අරමුණයි.
ජනතා කේන්ද්‍රීය පාලනයක් වෙනුවෙන් රාජ්‍ය ආයතන ක්‍රියා කළයුතුයි. ජනතාවට සැබෑ නිදහස අත්කර ගැනීමට නම් ඔවුන්ගේ අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට හැකියාව තිබිය යුතු බව ජනපතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය සේවයේ සහ පවතින නීති රීතිවල වගකීම වන්නේ ජනතාව ජීවත් කරවීම සහ ජීවත්වීමට අවශ්‍ය පසුබිම පහසුකිරීම බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
-
Ruwan Saturday, 07 March 2020 05:23 PM
Air lanka eke adyakshaka thanathuruwalata kawuda danne path une.
Reply : 0 0
Kumar Saturday, 07 March 2020 08:28 PM
ජනධිපතිතුමා කියනවා වාගෙ වැඩ කරන්නේ නැහැනේද. ඒ කියන්නේ තමන්ගේ නෑදෑයන්ට රජයේ ලොකු රැකියා දුන්නට වරදක් නෑ කියන එකද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

