අමාත්‍ය මණ්ඩල නියෝගයකට අනුව රජයේ ආයතන සතු ධාවන තත්ත්වයේ නොපැවැති වාහන අලුත්වැඩියා කිරීමේ සහ අපහරණය කිරීමේ ප්‍රගතිය සතුටුදායක තත්ත්වයක නොපවතින බව වාර්තා වේ.
ඊට අදාළ ප්‍රගති වාර්තාව පසුගිය අමාත්‍ය මණ්ඩලය වෙත ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ බවද වාර්තා විය. එම කටයුතු නිසි පරිදි ඉටු නොකිරීම රජයේ දේපළ විනාශ වීමට ඉඩහැරීමකට සහ රජයට ලැබිය යුතු ආදායම අහිමි කිරීමකට හේතුවන බවට නිරීක්ෂණය වූ බවට අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් බවද කියැවෙයි.
රාජ්‍ය ආයතන සතු ධාවන තත්ත්වයේ නොපැවති හා නිසි පරිදි නඩත්තු නොකර තිබූ වාහන අලුත්වැඩියා කර භාවිතයට ගැනීම හෝ අපහරණය කිරීමට 2020 සැප්තැම්බර් 30 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබිණි.
ඒ අනුව රජයේ ආයතනවලට අයත් ධාවන තත්ත්වයේ නොපැවැති හා නිසි පරිදි නඩත්තු කිරීමකින් තොරව විවධ ස්ථානවල ගාල් කර තිබූ වාහන අපහරණය කිරීමෙන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 273ක් පමණක් බව වාර්තා වේ. එම වාහන අලුත්වැඩියා වියදම රුපියල් මිලියන 194ක් බවද වාර්තා විය.
2020 අගෝස්තු 31 වැනි දිනට වාර්තා කර ඇති පරිදි රජයේ ආයතන සතුව අපහරණය කිරීමට වාහන 5430ක් සහ අලුත්වැඩියා කිරීමට වාහන 4073ක් පැවතුණු බවද සඳහන් වේ. නමුත් 2021 දෙසැම්බර් 15 වැනිදා එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය විසින් ලබාගෙන ඇති අතර, අපහරණය කර ඇත්තේ වාහන 620ක් පමණක් බවත්, අලුත්වැඩියා කර ඇත්තේ වාහන 844ක් පමණක් බවටත් වාර්තා වී තිබේ.
ඒ අනුව අමාත්‍ය මණ්ඩල තීරණයට අනුගත වී ඇති ආයතන 25ක් අපහරණයට හෝ අලුත්වැඩියාවට ඇති වාහන පිළිබඳ වාර්තා ලබා දී ඇති අතර, අලුත්වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමට වාහන නොමැති බවට ආයතන 517ක් විසින් දැනුම් දී ඇතැයිද කියවෙයි.