ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා රජයේ අයිතිය ඇති ඉඩම් කොපමණ ප්රමාණයක් පවතිද යන්න හදුනාගෙන ඉඩම් ලේඛන සකස්කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
බදු දි ඇති ඉඩම්, තවදුරටත් බදු දිමට ඇති ඉඩම්, සංවර්ධන කාර්යයන් සදහා ලබාගත හැකි එහෙත් නිශ්ක්රියව පවතින ඉඩම්, බදු අනුමැතින් නොමැති ඉඩම්,තක්සේරුවාර්තා හා මැනිම්සිදුකර නොමැති ඉඩම්, පුද්ගලයින් විසින් අනවසරයෙන් අල්ලාගෙන ඇති ඉඩම් පිළිබද නිශ්චිත තොරතුරු යාවත්කාලින කර නොතිබුණි.
රජයේ ඉඩම් පිළිබද තොරතුරු කළමණාකරණ පද්ධතියක් නිර්මානය කිරිම සදහා 2013 වර්ෂයේ සිට රුපියල් මිලියන 208.16ක මුදලක් වැයකොට තිබුණද එම තොරතුරු පද්ධතිය භාවිතා කිරිමට හැකිවන පරිදි නිවරදි හා අංග සම්පුර්ණ ආකාරයට දත්ත ඇතුළත් කිරිමක් සිදුකර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.