බද්දෙගම අම්පෙගම ප්රදේශයේදී යුද හමුදා නිලධාරියෙකුට අද (14 ) පස්වරුවේදී එල්ලවූ මන්නා පිහි පහරකින් බරපතළ තුවාල ලබා එම යුද හමුදා නිලධාරියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කල බව බද්දෙගම පොලීසිය පවසයි.
මේ නිලධාරියාට මන්නා පිහි පහර එල්ල කලා යයි කියන පුද්ගලයා ප්රදේශයෙන් පළා ගොස් ඇති බවත් ඔහුව සැකපිට ප්රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කල බවත් පොලීසිය පවසයි.
මන්නා පිහිපහරින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කල මේ යුද හමුදා නිලධාරියා අම්පෙගම ප්රදේශයේ පදිංචිකරුවකු වන බවත් ඔහුට මන්නා පහර එල්ල කළ පුද්ගලයාද ඒ ප්රදේශයේම අයෙකු බවත් පොලීසිය පවසයි.
බද්දෙගම පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
(කරන්දෙනිය - එම් .සුසිල් ප්රියන්ත සහ බද්දෙගම සරත් ආනන්ද)
