යුදටැංකි පතුරම් විකිණු 6 ක් අත්අඩංගුවට
යුදසමයේදී භාවිත කාරන ලද යුදටැංකි ප්‍රහාරක පතුරම් විකිණීමට උත්සහ ගත් පුද්ගලයින් 06 දෙනෙකු මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
යුදහමුදාව විසින් සාමාන්‍ය වැසියන් වෙතට නිදහස් කරන ලද පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ඉඩමක පොළව යට තිබී සොයාගන ඇති යුදටැංකි ප්‍රහාරක පතුරම් දෙකක් මෙලෙස වෙනත් පාර්ශවයකට විකිණීමට සැලසුම් කොට තිබියදී පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබනු තොරතුරකට අනුව අදාල සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
කිලෝ 400 කට ආසන්න බරකින් යුතු යුදටැංකි ප්‍රහාරක පතුරම් දෙක කුමන හේතුවක් සඳහා විකිණීමට උත්සහ දරා ඇත්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් කියවේලි සහ පුදුකුඩඉරිප්පු ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් මාන්කුලම් අධිකරණයට ඉදරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
