රටේ බල ශක්තිය මතු පරපුරට හිමිකර දිය යුතු බවත් එබැවින් යුගදනවි බලාගාරයේ සියයට හතලිහ ඇමරිකාවට බදු දීම සම්බන්ධව නැවතවාරයක් හිතා බලන ලෙස තමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද (25 ) අම්බලන්ගොඩදී පැවසීය.
හෘද සාක්ක්ෂියට අනු මේ රටේ වායු බල ශක්තිය ටෙන්ඩර් කිරීමකින් තොරව පිටින් පිටරටකට බදු දෙන්නට කටයුතු නොකිරීම නිසා පසුගිය රජයේ තමා දැරූ කැබිනට් ඇමතිකම නැති වුණා.
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට හතලිහක් බදුදීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවවත් කරමින් එසේ කී වීරක්කොඩි මහතා මෙසේද කීවේය.
මේ සම්බන්ධයෙන් අපිට අදහස් දක්වන්න අවස්ථාවක් නැහැ.නමුත් හෘද සාක්ෂිය අනුව අපි වැඩ කළ යුතුයි. ඒ නිසා මේ බදු දීම පිළිබදව නැවත වාරයක් සලකා බලන ලෙස අපි ජනාධිපතිතුමා ඉල්ලා සිටිනවා.
යුගදනවි බලාගාරයේ සියයට හතලිහක් ඇමරිකාවට බදුදීම අද සිදු කරලා තියෙන්නේ අපේ රටේ බල ශක්තිය උකහා ගනිමින් සිටින වකවානුවකයි.ඒ සදහා ආයෝජකයින් ගෙන්වා ගැනීමට අදහස් කරමින් සිටිනා වකවානුවකයි. මේ බදුදීමත් සමගම අපේ රටේ බල ශක්තිය උකහා ගැනීම සදහා උපකාර කිරීමට ආයෝජකයින් එන එකක් නැතැයි වීරක්කොඩි මහතා කීවේය.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත