කෙරවලපිටිය යුගදනවි බලාගාරය බදුදීම සම්බන්ධයෙන් ඇමරිකාව සමග අත්සන් කර ඇත්තේ තාවකාලික අවබෝධතා ගිවිසුමක් බවත් එම ගිවිසුමෙන් කිසිසේත්ම රටේ ආරක්ෂාවට තර්ජනයක් නැති බවත් වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතා අද (26දා) රත්ගමදී පැවසීය.
රජයේ හවුල්කාර පක්ෂ මේ ගිවිසුම සම්බන්ධයෙන් දක්වන්නේ අනිසි බියක් බවත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි මේ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවද එහිදී සිල්වා මහතා කීවේය.
මෙරටේ සම්පත් බදු දීම හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විපක්ෂයට කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බවද සිල්වා මහතා වැඩිදුරටත් කීවේය.
සුසිල් ප්‍රියන්ත