කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට ආයෝජනය සඳහා ලබාදිම පිළිබඳව සාකච්චා කිරිම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් යළිත් වරක් රැස්වීමට තීරණය කර තිබේ.ඒ අනුව එම පක්ෂ නායකයන් එළැඹෙන 5 දා රැස්වීමට නියමිතව තිබේ.
මීට පෙරද ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කළ අතර පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා පැවැත්වීය. කෙසේ වෙතත් එහිදීද අවසන් තීරණයකට පැමිණිමට නොහැකි විය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ නායකයන් ඉදිරියේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරිමටද තිරණය කර තිබේ.
වාසුදේව නානායක්කා විමල් වීරවංශ, උදය ගම්මන්පිල , දයාසිරි ජයසේකර, ලංකා මහාචාර්ය තිස්ස විතාරණ , විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, අසංක නවරත්න ,ටිරාන් අලස් ,ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු සහ අතුරලියේ රතන හිමියෝ මෙම සාකච්ඡාවට එක්වීමට නියමිතව තිබේ.