යුගදනවි ආයෝජනය පැහැදිලිවම අන්තර්ජාතික වශයෙන් මෙරට ආනාගතයේ භයානක ප්‍රතිවිපාක ගෙන දෙන තවත් ජාවාරමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ හයවන දිනය සඳහා අද (29දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
වර්ථමානයේ රට ලෙබනනයේ අර්බුදය දෙසට ගමන් කරමින් තිබෙන බවත්, ඒ පිළිබඳ වගකීමකින් ක්‍රියා කළ යුතු අතර එසේ නොමැතිව තාවකාලික පැලැස්තර වලින් මෙම ප්රශ්නය විසඳීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මේ අතර වර්ථමානයේ ගෑස් සිලින්ඩර් පිපිරීමට ප්‍රදාන හේතුව සංයුතුය වෙනස් කිරීම බවත් අනිවාර්යෙන්ම අදාල සමාගම් සහ අදාල පුද්ගලයන් එහි වගකීම ගත යුතු බවත් සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා,
ලසන්ත අලගියවන්න ඇමතිවරයා සංඛ්‍යාලේකනයක් කිව්වා. 2015 ජනවාරි 01 වැනිදා සිට 2021 ඔක්තෝම්බර් මාසය දක්වා මාස 82 දී අනතුරු 233ක් වාර්ථා වෙලා තිබෙනවා කියලා. ඒ කියන්නේ මාසෙකට 2.5යි අනතුරු. මේ නොවැම්බර් මාසයේදී අනතුරු කීයක් වාර්ථා වෙලා තිබෙනවාද. එහි අසාමාන්‍ය භාවයක් නැද්ද. ඒකට හේතුව කුමක්ද කියලා අපි දැනගන්න ඔ්නී. බොහොම පැහැදිලිව අපි දන්න දේ මේ ප්‍රොපේන්, බියුට්රේන් සංයුතිය වෙනස් කිරීම සම්බන්දයෙන් ඒ ඒ රටවල තිබෙන කාරණා ගණනාවක් මත. මෙරට තුල ඒ සංයුතිය 70%ට 30% තමයි තිබුනේ. ඒක ඒ සමාගම් වලට 5%ක් එහා මෙහා කරගන්න අයිතිය දීලා තිබුනා. නමුත් ගෑම් මිල ඉහල යන විට මේ රටේ වංචාවක් සිදු වුනා. කිලෝ ග්‍රෑම් වෙනුවට ලීටර් වලින් නිකුත් කළා. ඒ වගේම බියුට්රේන් සහ ප්‍රොපේන් සංයුතිය මාරු කළ විතරක් නෙවෙයි නිවේදනයකුත් නිකුත් කළා. ඒ නිසා අනිවාර්යෙන්ම මෙහි වගකීම ඒ සමාගම් සහ අදාල පුද්ගලයන් ගන්න ඔ්නී.
ඒ වගේම අනිවාර්යෙන්ම විදේශ විනිමය අර්බුදයක් කර ගමන් කරනවා. ඒ විතරක් නෙවෙයි මේ ණවර ලිපි නිකුත් කළාට වැඩක් නෑ. මේ ණයවර ලිපි අන්තර්ජාතික බැංකු විසින් පිළිගන්න ඔ්නී. ඒ නිසා තමයි පිරිපහදුවට ටෙන්ඩර් 14ක් දාලත් ඒවාට ආවේ නැත්තේ සැපයුම්කරුවන්. ගල් අගුරු ක්ෂණික ටෙන්ඩරයට සැපයුම් කරුවන් ආවේ නැත්තේ ඒකයි. මේ මූල්‍ය අර්බුදයේ මූල්‍යන් ගත්තොත් අපිට පේනවා අද ඇති වෙලා තිබෙන ප්රශ්නය. පළවෙනි එක කෝවිඩ් නිසා ඇති වී තිබෙන ජාත්‍යන්තර හා ජාතික තත්ත්වය. ඒක එකම හේතුව නෙවෙයි. අපි මේ පත්වෙලා තිබෙන අර්බුදය පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව අවබෝධ කරගත යුතුයි. එහෙම අවබෝද කර ගත්තොත් විතරයි අපට විසඳුම් හොයන්න වෙන්නේ. මොකද මේ ආර්ථිකය කඩා වැටුනොත් රට එක දවසකට හෝ බංකොලොත් වුනොත් එහි වගකීම යන්නේ මේ ආණ්ඩුවටවත් 69 ලක්ෂයටවත් නෙවෙයි. ලක්ෂ 220ක් වන අපි සියලු දෙනාටම එහි වගකීම දරන්න වෙනවා.
අද මේ සියල්ල අතරේ අපිට පේනවා මේ විදේශ ආයෝජන නමින් සම්පත් විකිණීම ප්‍රබන්දයක් ලෙස ඇවිත් රට තුල යතාර්ථයක් කරගෙන යනවා. ඒකේ ප්‍රධාන අර්බුදය තමයි යුගදනවි බලාගාරය. විදුලි කප්පාදුවක් නෑ කියලා මෙතන කිව්වා. සති 06 පෑවිල්ලට ලක්වුනොත් මේ විදුලිය නිපදවීමේ හැකියාව තාප විදුලිය කරා ගමන් කරනවා. ඒකට අපි සූදානම් විය යුතුයි. මොකද විදුලි කප්පාදුවක් ඇති වුනොත් ඒ සමගම පැන නගින ප්රශ්නය ජලය. අපි පැහැදිලිවම ලෙබනනයේ අර්බුදය දෙසට ගමන් කරමින් තිබෙන්නේ. ඒ ගැන වගකීමකින් අපි ක්‍රියා කළ යුතුයි. එහෙම නැතිව තාවකාලික පැලැස්තර වලින් මේ ප්රශ්නය විසඳන්න හැකියාවක් නැහැ.
යුගදනවි ආයෝජනය පැහැදිලිවම තවත් ජාවාරමක් අන්තර්ජාතික වශයෙන් මේ රටට ආනාගතයේ භයානක ප්‍රතිවිපාක ගෙන දෙන. ඒ ගිවිසුම අද වෙනකන් සභාගත කරලා නෑ. මේ කරලා තිබෙන්නේ බලාගාරයේ 40% ගන්න එක නෙවෙයි. එක පැත්තකින් ආණ්ඩුව කියනවා රටේ ගෑස් සම්පත හොයාගෙන ගෑස් සම්පතින් ප්‍රයෝජන ගන්නවා කියලා. ආණ්ඩුව අනෙක් පැත්තෙන් කරන්නේ මොකක්ද. ඇමරිකාවෙන් , අප්‍රිකාවෙන් තුට්ටු දෙකට ගෑස් ගෙන්වන්න යනවා. යනුවෙන්ද සඳහන් කළේය.