සුලිපුරම්හි ගෙළ සිරකර පාසල් දැරිවියක් මරා දැමීමට විරෝධය දක්වමින් යාපනයේදී අද (29දා) හර්තාලයක් පැවැත්විණ. පසුගියදා මෙම දැරිය ගෙළ සිරකර ඝාතනය කර ළිඳකට දමා තිබුණි. සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ පැවැති හර්තාලයට සමගාමීව පැවැති විරෝධතා පාගමනකට පාසල් සිසුන්ද එක්ව සිටි අතර යාපනයේ වෙළඳසැල් වසා දමා තිබුණි.
සුලිපුරම් දැරියගේ මරණය ගැන තොරතුරු හෙළි වෙයි
ළිඳකට වැටී පාසල් දැරියක ජීවිතක්ෂයට



