යාපනය චාවකච්චේරි තෙන්මරාච්චි ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකොට ඇති නඩරාජා රවිරාජ් මහතාගේ පිළිරුවට හා අවට කිසියම් පිරිසක් විසින් ඊයේ (09) රාත්රියේ හානි කොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයින් පිරිසකට එරෙහිව ශෂිකලා රවිරාජ් මහත්මියගේ අධාරකරුවන් පිරිසක් විසින් බඩරාජා රවිරාජ් මහතාගේ පිලිරුව ඉදිරිපිටදී 08 විරෝධතාවක් දියත් කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ වර්ණයන්ට සමාන වූ රෙදි කඩවලින් රවිරාජ් මහතාගේ පිලිරුව ආවරණය කොටය.
කෙසේ වෙතත් ඊයේ රාත්රියේ කිසියම් පිරිසක් විසින් පිලිරුව ඉදිරිපිට තිබූ ඉදිකිරීම් කිහිපයකට හානි සිදු කොට පිලිරුව වටා තිබූ රෙදිකඩ ඉවත් කොට පලා ගොස් ඇති බවට අදාල පාර්සවයන් පිළිබඳව පරික්ෂණයක් අරඹා ඇති බවටද චාවකච්චෙරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
