මෙවර පැවැත්වෙන මහමැතිවරණය වෙනුවෙන් ඡන්දය ගණන් කිරීමේ පෙරහුරුවක් ඊයේ (23) දින යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී යාපනය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරින් කේ. මහේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා මැතිවරණ කොමිෂමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.
මෙවර මහ මැතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයෙන් නියෝජිතයින් 7 දෙනෙකු පත් කර ගැනිම සඳහා ඡන්ද දායකයින් 5,71,848 දෙනෙකු සිය ඡන්දය ප්‍රකාශ කිරිමට නියමිතව තිබෙන අතර ඒ වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 19 ක් හා ස්වාධීන කණ්ඩායම්14 ක් තරග වැඳිමට නියමිතය.
ඒ අනුව අඟල් 23 ක් දිගින් යුක්ත ආදර්ශ ඡන්ද පත්‍රිකා 6000 ක් උපයෝගි කර ගනිමින් ඊයේ දින මෙම ඡන්ද ගණන් කිරිමේ ආදර්ශ වැඩසටහන පැවැත්විය.
පවතින කොරෝනා අවධානම මධ්‍යයේ පැවැත්වෙන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් රාජ්‍ය සේවකයින් ගණනය කළ යුතු ආකාරය පිළිබඳවත් ඡන්ද පත්‍රිකා ගණන් කිරීම සිදු කරන අතරතුර අධීක්ෂණ නිලධාරීන්ගේ කටයුතු සම්බන්ධයෙන්ද මෙම පෙරහුරුව පැවැත්වුණි.
මෙම ඡන්ද ගණනය කිරීමේ අවස්ථාවන් සඳහා තවද යාපනය හා කිලිනොච්චිය දිසාපතිවරුන් මෙන්ම සෞඛ්‍ය නිලධාරීන් හා රජයේ සේවකයින් පිරිසක් සහභාගී වී සිටියහ.
