යහපාලන ආණ්ඩුව එදා පුළුවන් තරම් ණය ගත්තත් කරපු දෙයක් නැහැ
මත්තල ගුවන්තොටුපොලේ වී ගබඩා කරන්න තරම් බංකොළොත් මට්ටමට වැටුණු යහපාලන ආණ්ඩුව එදා පුළුවන් තරම් ණය ගත්තත් ඉන් කරපු දෙයක් නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින පැවසීය.
"2015 දී බලයට ආපු යහපාලන ආණ්ඩුව මත්තල ගුවන්තොටුපොළ ආර්ථික සංවර්ධනයට දායක කර ගන්නවා වෙනුවට රාජපක්ෂලාගෙන් පළිගන්න වී ගබඩා කළා.
ඒ වගේ බංකොළොත් මට්ටමකට වැටුණු යහපාලන ආණ්ඩුව පුළුවන් තරම් ණය අරගත්තා. හැබැයි කරපු දෙයක් නැහැ. ණයක් ගත්තා නම් ඒ ණය මුදල් ආයෝජනය කරලා කරපු දෙයක් තියෙන්න ඕනේ. මත්තල ගුවන්තොටුපොළ විනිමය උපයන්නේ අපේ රටට. ඒවා අපේ රටේ සම්පත්. යහපාලන ආණ්ඩුවට කිසිම සංවර්ධන සැලසුමක්, සංවර්ධන ඉලක්කයක් තිබුණේ නැහැ."
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නව ගුවන් යානා අංගනය හා උප ධාවන පථය විවෘත කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
popular news
-
rocky Thursday, 25 November 2021 01:12 PM
Oya unnahelaa naya gaththema naha neda?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

