Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා
2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා
යහපාලන ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා තවත් ඉතුරුව ඇත්තේ දින 474ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (24දා) පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.
2015 ජනවාරි 08 සිට අද දක්වා දින 1351ක් යහපාලන ආණ්ඩුව රට පාලනය කර තිබෙන බවත්, එම කාලය තුළදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගැටුම් ඇති කර ගැනීම හේතුවෙන් රුපියල බාල්දු වී, ආණ්ඩුව මස්තබාල්දු වී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
popular news
Hector Monday, 24 September 2018 09:20 PM
ඔබට හිරේ ලගින්න ඉතුරුව ඇත්තේ මාස හයක විතර කාලයක් මගේ හිතේ.
Reply : 2 1
Champa Tuesday, 25 September 2018 04:39 PM
ඔව් කෙලින් කතා කලොත්, කොන්ද පණ ඇතුව කතාකලොත් ප්‍රතිවිරුද්ධ අදහස් දරන දේශපාලකයන් හිරේ දමන මානසික රෝගයක් මේ ආණ්ඩුව තියෙනව.
Reply : 0 0
Nandana Tuesday, 25 September 2018 12:28 PM
ටයි කෝට් ඇන්ඳට මෝඩ පෙනුමේ අඩුවක් නොමැත.
Reply : 2 0
Champa Tuesday, 25 September 2018 04:42 PM
හරිම බොළඳ කතාවක්. කිසිම මෝඩ පාටක් නැහැ. රනිල්වයි රෝහිතයි එකට තිබ්බොත්, රටේ අගමැතිට වඩා හොඳ personality එකක් රෝහිතට තියෙනව කියලා මෝඩ ඔබට වුනත් පෙනෙයි.
Reply : 0 0
Champa Tuesday, 25 September 2018 06:24 PM
ඇඳුමෙන් මිනිස්සුන්ව මනින්න බැහැ. උදා: විදිහට මගේ තාත්ත අත්දිග කමිසෙයි සුදු සරමයි ඇන්දේ සාමාන්‍ය ගමන් බිමන් වලට. හැබැයි තාත්ත ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගත්ත London Matriculation (Senior) පාස් වෙච්ච කෙනෙක්. පන්සලෙනුත් බුද්ධාගම පරතෙරට ඉගෙන ගත්ත කෙනෙක්. හොඳ මොලයක් එක්ක අසාමාන්‍ය මතක ශක්තියක් තිබුණු කෙනෙක්. සීයාගේ ආච්චිගේ ධනය බලය ඉහට ගහල තරුණ කාලේ තාත්ත දඩබ්බර වැඩ කරල තියෙන හින්ද ඒවාට තරහ වෙච්ච ගමේ තරහ කාරයෝ පෙත්සම් ගහල තාත්තට කවදාවත් ආණ්ඩුවේ රස්සාවකට යන්න බැරි වෙලා තියෙනව. නැත්නම් ඒ කාලේ ඉංගිරිසියෙන් ඉගෙන ගත්ත මිනිස්සුන්ට ඕනේ තරම් රස්සා තිබුන කියල අම්ම කියනව. තාත්ත එක්ක එකට ඉගෙන ගත්තු තාත්ත තරම් දක්ෂ නැති මිනිස්සු පහු කාලෙක අමාත්‍යංශ ලේකම්වරු දිසාපතිවරු වුන. ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තට තාත්තා ඇන්දේ සරමයි කමිසෙයි. නෑගෙදරක යනකොට අත්දිග කමිසෙයි කලිසමයි ඇන්දා. ගමෙන් පිට මඟුල්ගෙදර වලට කලිසමයි කෝට් එකයි ඇන්දා. ඉස්සර ජාතික ඇඳුම ඇඳලා පන් මල්ලක් අරගෙන කෙනෙක් ආවලු interview එකටට. Board එක එයාව ගණන් ගත්තේ නැහැලු. සුදුසුකම් අහව්වහම පන් මල්ලේ තිබ්බ සහතික අරන් පෙන්නපුවහම මුළු interview Board එකම නැගිට්ටලු.
Reply : 0 0
dhamneth Tuesday, 25 September 2018 04:59 PM
රුපියල බාල්දු නොවුනේ විලියම් ගොපල්ලව ජනාධිපතිවරයාගේ කාලයේදී පමණයි.මම හිතන්නේ ඒකට හේතුව එතුමාට විධායක බලතල නොතිබුන නිසා කිසිම බලපෑමක් කරන්න බැරිවුණා .විධායක බලතල තිබුන සෑම ජනාධිපතිවරයෙකු යටතේම රුපියල බල්දුවුණා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd