යහපාලනය 19 ගෙනාවේ රටට යහපතක් කිරිමට නොව රනිල්ගේ බලය තහවුරු කිරිමටයි
යහපාලන රජය 19 වන සංශෝධනය ගෙන ආවේ රටට යහපතක් කිරීමේ පරමාර්ථයෙන් නොව එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතු බලතල සීමා කොට රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තහවුරු කර ගැනීමට බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කරසිටියේ මීගමුව නගර සභා ශාලාවේ පැවති ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ හමුවකදීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
19 සශෝධනයෙන් රටට සිදුවුනු කිසිදු යහපතක් නැහැ. පාස්කු ප්‍රහාරය සිදුවුනාම පොලිස්පති අයින් කරගන්න බැරිවුණා. ප්රජාතන්ත්රවාදී රටක ප්‍රධාන වගකීමක් මැතිවරණ නිසි වේලාවට පැවැත්වීම. නමුත් මේ මැතිවරණ කොමිසමට නිසි වේලාවට මැතිවරණය පවත්වගන්න බැරිවුනා. ජනාධිපතියි, අගමැතියි දෙපැත්තට ගමන් කලේ. ඒකෙන් සිදුවුනේ රට ආපස්සට ගියපු එක. එමගින් ජාතික ආරක්ෂාව හා ආර්ථිකය පසුබෑමට ලක්වුණා. ඒ නිසා තමා ජනතාව තුනෙන් දෙකක බලයක් අපිට ලබා දුන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති සිහිනය බොඳවීමෙන් පසු අග්‍රාමාත්‍ය ධූරයේ බලතල වැඩි කර ගැනීමට 19 වන සංශෝධනය හරහා කටයුතු කළ අතර, එහි තවත් පරමාර්ථයක් වූයේ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කර තැබීමට කළ හැකි සෑම දෙයක්ම කිරීමයි.
20 වැනි සංශෝධනය ව්‍යවස්ථා සංශෝධන කමිටුව විසින් රටට වඩාත් හිතකර ලෙස කෙටුම්පත් කරනවා. එම කමිටුව සදහා වඩාත් සුදුසු පුද්ගලයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති බව ද නිමල් ලාන්සා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

popular news
-
Nandana Thursday, 17 September 2020 09:00 PM
Kohoma hari paththreta photo eka dagaththneda?
Reply : 0 0
Kumar Thursday, 17 September 2020 09:43 PM
After a landslide victory the government has all the power it needs to develop the country. So why is the constitutional amendment so important. They better not forget that nothing last forever and the next person who becomes the president may use it against those who created the monster. If it another JR he may feel that only thing the president can't do is turn a man in to a woman or vise versa. We all know how that went. At least JR didn't pawn the county to the Chinese.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

