ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා තාවකාලික ලුතිනන් කමාන්ඩර් තනතුරට උසස් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.
එම තනතුරේ අවශ්‍ය සුදුසුකම් සම්ර්පූර්ණ කිරීමෙන් පසු ලුතිනන් කමාන්ඩර් යන තනතුර ස්ථිර වශයෙන් හිමිවන බවද හෙතෙම පවසා සිටියේය.
2016 වසරේදී සේවය අත්හිට වූ යෝෂිත රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා නැවත සේවයේ පිහිටවනු ලැබිණි.
ඒ අනුව සේවය අත්හිටුවා සිටි කාලයේදී යෝෂිත රාජපක්ෂ මහතා සමග සේවයට එක් වූ නාවික හමුදා නිලධාරීන්ට සුදුසුකම් මත උසස්වීම් හිමිව ඇති අතර, ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාද අදාළ තනතුරට සුදුසුකම් ලබා තිබෙන නමුත්, සේවය අත්හිටවූ කාලයේදී සැපිරිය යුතු සුදුසුකම් කිහිපයක් සපුරා ගන්නා තෙක් පෙරේදා (01දා) සිට බලපැවැත්වෙන ලෙස තාවකාලික ලුතිනන් කමාන්ඩර් තනතුර ලබාදී ඇත.
