යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය තාක්ෂණ පීඨය වසා දමයි
- 27 02 2019
- 13:25
- {{hitsCtrl.values.hits}} views
- වව්නියාව මධුශංක අමරසිංහ
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චියේ පිහිටි තාක්ෂණ පීඨය ඊයේ (26) සිට සතියක පමණ කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කළ බව යාපනය විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් මහතා පැවසීය.
කිලිනොච්චියේ පිහිටි තාක්ෂණ පීඨයේ නවක සිසුන් පැමිණීමේදී ඇති වු නවක වද සිදුවීමක් පාදක කර ගනිමින් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් තාවකාලිකව විශ්වවිද්‍යාල පීඨය වසා දැමීමට පාලක සභාව තීරණය කොට ඇත.
කෙසේ වෙතත් තාක්ෂණ පීඨයේ ඇතිව තිබෙන තත්ත්වය සමතයකට පත්වු විගස පීඨය නැවත ආරම්භ කරන බවද ගැටලු සහගත තත්ත්වය ඇතිවීමට හේතුව සෙවීම සඳහා විනය පරීක්ෂණයක්ද යාපනය විශ්වවිද්‍යාල පාලක සභාව විසින් ආරම්භ කොට ඇති බවටද වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
