මේ ලෝකයකට කරන්න බැරි වුණ දේ අපි කළා
ලෝකයේ බලවත් රටවල් ඇමරිකාව, ඔස්ටේ්රලියාව, චිනය, රුසියාව යන කිසිවෙකුට බැරිවුණ මේ කොරෝනා මර්දනය ලංකාව ඉතා හොඳින් මර්දනය කරලා තියෙනවා යැයි පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වි චානක සඳහන් කරයි.
අද (1) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු අමාත්‍යවරයා,
රටක් හැටියට සතුටු විය හැකි තත්වයක ඉන්නවා. ලෝකයම ව්‍යසනයක් තියෙන වේලාවේ කොරෝනා වසංගතය අල්ලා ගනිද්දී, කියන මේ භායානක ලෙස මුළු ලෝකයම විනාශ වන මොහොතක කොටි ගණනින් මිනිසුන් රෝගීන් වෙනකොට ලක්ෂ ගණනින් මිය යනවිට ශී‍්‍ර ලංකාව ඉතා හොඳ තැනක සිටින බව මතක් කරන්න ඕනේ. මාස 02ක් වෙනවා තවමත් එකම රෝගියෙක්වත් සමාජයෙන් වාර්තා වෙන්නේ නැ.
ලෝකයේ බලවත් රටවල් ඇමරිකාව, ඔස්ටේ්රලියාව, චිනය, රුසියාව යන කිසිවෙකුට බැරිවුන දේ මේ ලංකාව ඉතා හොඳින් මර්දනය කරලා තියෙනවා. දැන් බොහෝ දෙනෙක් විදෙස්ගත පිරිස මෙරටට ගෙන්වමින් යනවා. එම ගෙන්වා ගැනීම් සිදු කරන්නේ වෛද්‍ය නිර්දේශ මත පදනම් ව ඒ අයගේ ජීවිත ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා.
දැන් මැතිවරණ කාලයක් එළඹිලා තියෙන්නේ. නමුත් යහපාලන ආණ්ඩුව බලයට ආව ගමන් පළමුවන ප්‍රාදේශීය සභා පරාජය වුනා. පළමුවතාම තමයි ආණ්ඩුව එක්ක ප්‍රාදේශීය සභාවක් පරාජය වුනේ. ජනාධිපතිවරණයේදී ලක්ෂ 14ක වැඩි ඡන්දයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය ලබනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ලක්ෂ 14 ලක්ෂ 28 ක් දක්වා පරතරයක් ඇතිවෙන්න ඉතා වැඩි අවස්ථාවක් ඇතිවෙලා තියෙනවා.
ලෝකයටම බැරි වුන මේ කොරෝනා මර්දනයත් එක්ක මේ ආණ්ඩුව වඩා ජනතාව පෙළ ගැහිලා ඉන්නවා. ගමේ ඕන කෙනෙක් කියන්නේ මේ ආණ්ඩුව නැතිව කලින් ආණ්ඩුව හිටියා නම් අපි මැරිලා කියලා. විපක්ෂය පිළිගත්තේ නැතිවුනාට මේ කොරෝනා මර්දන වැඩපිළිවෙල අද රටම පිළිගෙන අවසන් බව කියන්න ඕන යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

popular news
-
bandula Thursday, 02 July 2020 02:56 AM
thama rata wasiyata thamange ratata enna bari karala kala thope mahaloku korona mardanaya. Udaharanayakata Austrailia wala thama rata wasiyata apahu ratata enna kisima badawak naha. lankawe wideshe amathyansayen rata inna aya liyapadinchi wenna porta ekak thiyenawa. kiyapan balanna ehema liya padinci una gana (figure) eka kiyawanawa arenna ema siyalu denata apasu pilithurak (telephone call, email or at least message) ekak yauwada thopi. Man paripalana gataluwakata lankawe pradana pradeshiya lekam karyala 2kata e-mail damma. 4months gihin thama nikamata wath reply ekak naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

