මේ රට ෆෙඩරල් කරන්න අපි ඉඩ තියන්නේ නෑ
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන ‘නිවසක් සමග ජීවිතයක්’ යන තේමාව යටතේ, අඩු ආදායම්ලාභී මහල් නිවාසයන් හි ජීවත්වන කාන්තාවන් සඳහා පවත්වනු ලබන දිවි දිරිය ස්වයං රැකියා හා වෘත්තීය පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ ඇඳුම් මැසීමේ පාඨමාලාව අවසානයේ සහතික පත් සහ ත්‍යාග පිරිණැමීමේ උත්සවයකට සහභාගී වෙමිනි.
මෙහිදි මාධ්‍යවේදීන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන්නේදැයි ඇසු විට අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්විය,
“මේ රටේ අතීතයේ ෆෙඩරල් ව්‍යවස්ථා ගෙන ආවා. ෆෙඩරල් ව්‍යවස්ථාව පරාජය කළේ අද ඔය සද්දෙ දාන අය නෙමෙයි. අපියි. එදා මහින්ද රාජපක්ෂ මහත්මයත්, චන්ද්‍රිකා මහත්මියගේ ෆෙඩරල් ව්‍යවස්ථාවට අත ඉස්සුවා. ඒවා එතුමට මතක නැහැ. ඒ වගේම එතුමත් තිස්ස විතාරණ මහත්මයා හරහා විද්වත් කමිටු යෝජනාවක් කියලා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ආවා. ඒක පරාජය කළෙත් අපි. මේ රටේ ෆෙඩරල් ක්‍රමය ඇති කිරීමට රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. එමගින් වෙන්නේ උතුරෙත් දකුණෙත් ජනතාව බෙදෙන එක. ඉතින් සියළුම පක්ෂවලට එකඟ වෙන්න පුළුවන් ව්‍යවස්ථා වෙනසක් තිබෙනවා නම් සිදු කරමු. නැත්නම් එවැනි දේවල් කරලා රට බෙදන්න කටයුතු කරන්නේ නැතිව කටයුතු කරමු. මම බොහොම පැහැදිලිව කියනවා මේ රට ෆෙඩරල් කරන්න, ඒකීයභාවයට හානි කරන්න ඉඩ තියන්නේ නැහැ” යනුවෙන් පැවසීය.

popular news
-
kapila Wednesday, 09 January 2019 09:39 PM
ඔහොම කියන කෙනාම තමයි රනිල් අත උස්සන්න කියනකොට අත් දෙකම උස්සන්නේ.
Reply : 0 1
Bandula. Thursday, 10 January 2019 05:22 PM
ඔහොම කියන උන් ගැනත් හිත ගන්න බැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

