මේ මහමැතිවරණයේ පොහොට්ටුවේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නෑ - අමරවීර
ජනාධිපතිතුමන්ට තුනෙන් දෙකේ බලයක් සහිත ශක්තිමත් රජයක් ලබා දෙන්නට නම් පොහොට්ටුවේ සියලු දෙනා වාදබේදවලින් තොරව එකට එක්ව කටයුතු කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අ දහස් පළ කළේ ඊයේ (04) අගුණකොළපෑලැස්ස තම නිවසේ පැවැති ධීවර ප්‍රජා සමුළුවක් අමතමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
2020 මහමැතිවරණය තීරණාත්මකයි. මෙම මැතිවරණය දිනන්නේ පොහොට්ටුවයි. ඒ ගැන සැකයක් නැහැ. නමුත් අපිට අවශ්‍ය විජයග්රහණයක්. අපේ ඉලක්කය තමයි තුනෙන් දෙකේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන සමහරු එසේ විවේචනය කරන්නේ කිසියම් වේදනාවකින් කියන එක මම දන්නවා. ශ්රීලනිපය විවේචනය කරන බොහෝ දෙනෙක් දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ තමන්ගේ මවු පක්ෂය කියළා. ඒ අය පාර්ලිමේන්තුවට ආවේ , ඇමැතිකම් හා වෙනත් තනතුරු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසායි.
ජනාධිපතිතුමා හා අගමැතිතුමා කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරළා නැහැ. එතුමන්ලා දන්නවා මේ පක්ෂයේ වටිනාකම. අපි ගහමරා ගත්තොත් වාසිය කාටද? ඒ වාසිය යන්නේ විපක්ෂයට යන්න බලාගෙන ඉන්න පක්ෂවලට.
සමහර විට තනි පක්ෂයකට තුනෙන් දෙකේ බලයක් ලබා ගන්න පුලුවන් අවසාන අවස්ථාව 2020 වෙන්න පුලුවන්. ඒකට හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැනි සියලු ජනතාවගේ සිත් දිනාගත හැකි ජනාධිපතිවරයෙක් අපේ රටේ පාලනයට පත්වීම. රටේ හැම මිනිසෙක්ම එතුමා කෙරෙහි දැඩි විශ්වාසයක් තිබෙනවා. අපි මේ මහමැතිවරණයේ දී රණ්ඩු සරුවල්වලට පැටළුනොත් ඒ විශ්වාසය තහවුරු කරන්න අවස්ථාවක් මහජනතාවට ලැබෙන්නේ නැහැ.
ඒ නිසා තුනෙන් දෙකේ බහුතරයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට ඇති මෙම අන්තිම අවස්ථාව මගහරින්න එපා කියලා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

popular news
-
Champa Sunday, 05 July 2020 08:55 PM
මහින්ද අමරවීර පොහොට්ටුවේ නෙමෙයි. මහින්ද අමරවීර කියන්නේ මහින්දව 2015 මැතිවරණ දෙකෙන්ම පාවල දුන්නු මෛත්රිගේ කල්ලියේ මිනිහෙක්. මේ චන්දෙනුත් පාර්ලිමේන්තු ආවොත් නැවත මහින්දව පාවා නොදෙයි කියල විශ්වාසයක් නැති පුද්ගලයෙක්. මේ ගොල්ලෝ නැවත මහින්දට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුලේ වෙනම කල්ලියක් හදනවා. එහෙම හදන්න තරම් හයියක් එන්නේ ගෝඨාභයට සහ බැසිල්ට මහින්දව පාර්ලිමේන්තුව ඇතුලේ දුර්වල කරන්න අවශ්‍ය නිසා සහ මොවුන්ගේ සහයෝගයෙන් පාර්ලිමේන්තු බලයත් තමන් අතට ගන්න ගෝඨාභයට අවශ්‍ය නිසා. මහින්ද අමරවීර කියනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මව් පක්ෂයලු. මව් වුනත් අනාචාරයේ හැසිරුනොත් සමාජය ගරු කරන්නේ නැහැ. දරුවොත් ගරු කරන්නේ නැහැ. ඊට පස්සේ වටිනාකමකුත් නැහැ. නැවත නැවත එහෙම නොකරයි කියලා විශ්වාසයකුත් නැහැ. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වුනේ. මෛත්‍රී සහ ඔහුගේ පිලත් ඒ වගේ. ඔවුන් සදාචාරයට පිටුපෑව. පලවෙනි පාර දඬුවමක් ලැබුනේ නැති නිසා දෙවෙනි පාරත් ඒකම කළා. දැන් තුන් වෙනි පාරටත් ඒකම කරන්න චන්දෙ ඉල්ලනවා. ඔවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරලා ඔවුන්ට හිමි දඬුවම මෙවර නම් දිය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
