දීවයිනේ ආර්ථික මධ්‍යස්ථාන දාහතරක රුපියල් කෝටි 500ක මුදලක් ව් ්යාපාරිකයන් විසින් ආරක්ෂා කොට තැන්පත් කර තිබෙන බවත් ඉතා සූක්ෂම ලෙස පෞද්ගලික සමාගමක් හරහා එම මුදල ලබා ගැනීමේ යටි අරමුණ ඇතිව ඇමති වරයා ක්‍රියා කරන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනීන් වෙළඳ සංගමයේ සභාපති රෝහණ බණ්ඩාර මහතා 14 දින පැවසීය
දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන පුද්ගලික සමාගමකට පවරා සමාගමේ අධ්යක්ෂ වරු පත් කොට ඒ අයට වැටුප් දීමනා ආදී වශයෙන් එම සංරක්ෂිත මුදල ලබා ගැනීම සදහා දරන උත්සහයක් බවද ඒ මහතා පැවසිය .
රාජ්‍ය සේවකයන් ගොවි සංගම් වෙළද සංගම් නියෝජිත වරුන් ලෙස ඉතා ශක්තිමත්ව කළමනාකරණ භාරයක් හරහා ආර්ථික මධ්‍යස්ථාන පවත්නා අතර පුද්ගලික සමාගමකට ලබාදීමේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි බව ද කීය .
දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන දහ අටක් පවතින බවත් ඒ අතරින් වවුනියාව ,කිලිනොච්චිය, යාපනය, සහ මඩකලපුව ස්ථාපිත කර ඇති විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හැර මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන තඹුත්තේගම ,මීගොඩ, කැප්පිටිපොල, දඹුල්ල, වැලිසර, කන්ද හන්දිය, ඇඹිලිපිටිය, පිළියන්දල, වේයංගොඩ, නුවරඑළිය, රත්මලාන, කුරුඳුවත්ත, නාරාහේන් පිට, ආදී ආර් ර්ථික මධ්‍යස්ථාන සියල්ල මෙවන විටත් නැෂනල් ඇග්රි පුද්ගලික සමාගම නැමති සමාගමක් යටතට පත් කිරීමට රජයේ තීරණය කොට ඇති බවද හෙතෙම සඳහන් කළේය
මේ පිළිබඳව දිගින් දිගටම දින ගණනාවක් තිස්සේ විෂය භාර අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමක් කළද කිසිදු පිළිතුරක් ලැබී නැති බවද හෙතෙම පැවසීය කෙසේ වෙතත් වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අමාත්‍ය මණ්ඩල සංදේශය 2025.05.07 දින ඉදිරිපත් කොට අනුමැතිය ලබාගෙන ඇති බවද බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ආර්ථික මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ පළමු පරමාර්ථය බවට පත්ව තිබුණේ ගොවිපළ කෘෂිකාර්මික නිෂ්පාදන විකිණීම මිලදී ගැනීම ගබඩාකිරීම බෙදාහැරීම ගොවීන් හට සාධාරණ මිලක් පාරිභෝගිකයන්ට සාධාරණ වෙළදපොලක් ක්‍රියාත්මක කිරීම සඳහා බවද පෙන්වා දෙන ඒ මහතා ආර්ථික මධ්‍යස්ථාන මේ ආකාරයෙන් පෞද්ගලික සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණය බරපතල ප්‍රශ්න රැසක් ගෙන දෙන්නක් බවය.
අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇති පුද්ගලික සමාගමේ ව්‍යවස්ථාව ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කොට කිසිදු සිංහල අකුරකින් හෝ සටහන්ව නොමැති බවත් එම ව්‍යවස්ථාව ලබාගෙන ඒවා පරිවර්තනය කිරීමේදී ගොවීන්ට සහ ව්‍යාපාරිකයන්ට කිසිදු ලාභ ප්‍රයෝජනයක් සහ ගත යුත්තක් නැති බවද ඔහු පෙන්වා දුන්නේය.
ඉතා ස්වාධීනව රජයට බරක් නොමැතිව පවත්වාගෙන ගිය ආර්ථික මධ්‍යස්ථාන සියල්ල පෞද්ගලික් හිමිකරුවන්ට පැවරීම සිදුවෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඉදිරි දින කිහිපය තුල මේ පිළිබඳව රජයේ ස්ථාවරය ප්‍රකාශයට නොකළහොත් සමස්ත ආර්ථික මධ්‍යස්ථාන පද්ධතියම අකර්මණ්‍යය වන බවද කිවේය.
අප මේ පිළිබඳව විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගෙන් විමසීමේදී සඳහන් කළේ මෙහි කිසිදු පෞද්ගලික ආයතනයකට විකිණීම හෝ පැවරීමක් සිදු නොවන බවය.
කෙසේ වෙතත් සියයට සියයක් රජය සතු සමාගමක් බවත් එය පුද්ගලික සමාගමක් ලෙස නම් කොට තිබීම ගැටළුවක් නොවන බවද හෙතෙම සඳහන් කළේය.
ආර්ථික මධ්‍යස්ථාන සියල්ල නව සමාගම වන නැෂනල් ඇග්රි ප්‍රයිවට් ලිමිටඩ් සමාගම සමග ඉදිරියේ දී වැඩ කිරීම සිදුවන බවත් ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් නියෝජිතයන් එහි නිසි අවබෝධයක් නොමැතිව කරන ප්‍රකාශ බවද සඳහන් කළේය.
රුපියල් කෝටි 500ක මුදල ආර්ථික මධ්‍යස්ථාන ගිණුම්වල පවතින්නේ නම් ඒවා රජය සතු මුදල් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.