2021 වසරේ ලක්ෂයක් ශ්‍රමිකයින් විදේශ ගත කිරීමේ ඉලක්කය, දෙසැම්බර් මස මුල් සතිය වන විටම ඉක්මවා යාමට හැකි වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
අනපේක්ෂිත අයුරින් මුළු ලොවම ග්‍රහණයට ගත් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රි ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වූ විදේශ රැකියා ක්ෂේත්රය ඉතා බරපතල ලෙස බිඳ වැටුණි. සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ 2 ඉක්ම වූ ශ්‍රි ලාංකිකයින් පිරිසක් විදේශ ගතවන අතර, 2020 වසරේ එය 53,000 දක්වා පහත වැටුණ බවද එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
තරගකාරි විදේශ රැකියා වෙළඳපොලේ පවතින නව ප්රවණතා හඳුනා ගනිමින්, එන්නත්කරණයට ලක්කළ ශ්‍රමිකයින් රැකියා වෙළඳපොලට සූදානම් කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදීමෙන්, විදේශ රැකියා අපේක්ෂිතයින්ට තමා විදේශ ගතවන රටට අදාළ කොවිඩ් මර්ධන එන්නත ලබාදීම සඳහා ගත් ක්‍රියාමාර්ගය මේ සඳහා විශාල උත්තේජයක් සැපයීම නිසා විදේශ රැකියා සඳහා පිටත්ව යාම වේගවත් වූ බවද කාර්යාංශය පවසයි.