මේජර් ජනරාල් මොහාන් රත්නායක අත්අඩංගුවට ගැනීමට නියෝග
වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය එල්ල කර එක් වනජීවි නිලධාරියෙකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති හමුදා මේජර් ජනරාල්වරයා සහ සෙසු සැකකාර හමුදා සාමාජිකයින් වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා හබරන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. ජයලත් මහතාට නියෝග කලේය.
යුධ හමුදාවේ මේජර් ජනරාල්වරයෙකු මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් මරණ තර්ජනය කර එක් වනජීවි නිලධාරියෙකුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හබරන පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කලේය.
අධිකරණයට කරුණු දක්වමින් හබරන පොලිසිය කියා සිටියේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියෙහි නිරතව සිටි වනජීවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කර ඔවුනට මරණ තර්ජනය කර එක් වනජීවි නිලධාරියෙකුට පහර දුන් බවට යුධ හමුදාවේ මේජර් ජනරාල් මොහාන් රත්නායක යන අයට එරෙහිව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන බාරකරු භාතිය මඩුගල්ලේ සහ වන සත්ව අඩවි ආරක්ෂක එන් .ඩබ්. කේ වාසල යන දෙදෙනා හබරන පොලිසියට පැමිණිලි දෙකක් යොමු කර ඇති බවයි.
එකී පැමිණිල්ලට අනුව මූලික විමර්ශන ඇරඹු බවද අධිකරණයට කියා සිටි පොලිසිය මේජර් ජනරාල්වරයාගෙන් පහර කෑමට ලක්වු බව කියන වන සත්ව අඩවි ආරක්ෂක එන් ඩබ් කේ වාසල යන අය රෝහල් ගත වීමක් පිළිබදව මූලික විමර්ශනවලදී අනාවරණ වී නැති බවද කීවේය. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය වාර්තා කිරීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් අයැද සිටියේය.
පොලිසියේ එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කල මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසා සිටියේ සැකකරුවන් කවුරුන්ද? යන්න සහ ඔවුන් ගමන් ගත් වාහන පිළිබදව ද අනාවරණ වී තිබේ නම් සැකකරුවන් අත් අඩංගුවට නොගන්නේ මන්ද? යන්නයි. මෙතෙක් සැකකරුවන්ගෙන් ප්‍රකාශයක් හෝ ලබා ගැනීමට අසමත්වීම පිළිබදව හබරන පොලිසියේ ක්‍රියා කලාපය අධිකරණයේ දැඩි දෝෂ දර්ශනයට ලක් කල මහෙය්ස්ත්රාත්වරයා සැකකරුවන්ගෙන් වාහාම ප්‍රකාශ සටහන් කර ගෙන ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙසටද පොලිසියට නියෝග කලේය.
හබරන පොලිසිය අධිකරණයට කරුනු දක්වමින් තවදුරටත් කියා සිටියේ හමුදා භට කන්ඩායමක් සමග ගමන් කරමින් සිටි තමා පරික්ෂාවට ලක් කිරීම තුලින් වනජීවි නිලධාරීන් තම කීර්ති නාමයට හානි කර ඇති බවට චෝදනා කරමින් මේජර් ජනරාල් මොහාන් රත්නායක මහතාද වනජීවි නිලධාරීන්ට විරුද්ධ පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි.
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ හබරන දෙසට වන්නට පිහිටි බටහිර ප්‍රදේශයෙන් අලි පැටවෙකු පැහැර ගැනීමේ තැතක් පිළිබදව වනජීවී නිලධාරීන්ට ලද තොරතුරු වලට අනුව අදාල වැටලීම සඳහා පසුගිය 23 දා රාත්‍රියේ වනජීවි නිලධාරීන් රැකවල්ලා සිටියදී අනවසරයෙන් උද්‍යාන භූමියට ඇතුලු වූ යුධ හමුදා වාහන දෙකක් පරික්ෂා කිරීමට යාමේදී මෙම ගැටුම හට ගත් බව වනජීවි නිලධාරීන් පොලිසියට කර ඇති පැමිණිලි වල සදහන්ය.
යුධ හමුදා වාහන දෙකට නවතින ලෙසට වනජීවි නිලධාරීන් මාර්ග බාධකවලදී සංඥා කලද අණ නොතකා වාහන දෙක ඉදිරියටම ධාවනය කිරීම නිසා හබරන සිට අනුරාධපුරයේ ප්‍රධාන යුධ හමුදා කදවුර ආසන්නය දක්වාම වනජීවි නිලධාරීන් එම වාහන දෙක පුසපස ලුහුබැඳ ගොස් අුාපසු එමින් සිටින අතරතුර හබරන පලුගස්වැවදී මෙම පහරදීම සිදු කර ඇති බවද අදාල පැමිණිලි වල තවදුරටත් සඳහන්ය.
උතුරු මැද දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ අනුරාධපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි අසිත ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ හබරන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන් පී එස් ජයලත් මහතාගේ මෙහෙයවීම මෙම සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන සිදු කරයි.

popular news
- 
                            
sg Wednesday, 30 June 2021 11:19 PM
Neethiya hamotama saadaranwa kriyathmaka kalahith rate neethiya pilibada vishwasaya rakeevi...
Reply : 0 0
Kumar Thursday, 01 July 2021 06:50 AM
Why can't the magistrate issue a warrant for the arrest of the Major General.
Reply : 0 0
Samson de silva Thursday, 01 July 2021 08:25 AM
Menna ara parana aanduwa wagema ranawiru dadayama patan arageno!
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
															
															
 
                                                
                                                
                                                
                                                
                                                
                                                