මෙරට සිරවි සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් රැගෙන යාමට විශේෂ ගුවන් යානයක් කටුනායකට
කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ඉන්දියාවට යෑමට නොහැකිව ශ්රී ලංකාව තුළ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 170 ක් , යළි ඉන්දියාව වෙත රැගෙන යෑම සදහා , ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද (29) දින උදෑසන මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 275 දරන මෙම විශේෂ ගුවන් යානය අද දින උදෑසන 10.45 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට මගීන් නොමැතිව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම මගීන් ගුවන් යානය තුළ ව්යාපාරික පංතියේ ආසන 12 කද, පිරිමැසුම්දායක පංතියේ 161 ක් සහ කුඩා ළමුන් 03 ක් අසුන් ගෙන තිබූ අතර, මෙම පිරිස මෙම කොරෝනා වසංගත රෝග තත්ත්වය ශ්රී ලංකාව තුළ පැතිර යෑමට පෙර , ශ්රී ලංකාවේ සංචාරය සදහා පැමිණ සිටි පිරිසකි .
පසුව මෙම ගුවන් මගීන් පිරිස රැගෙන අද දින දහවල් 12.10 ට මෙම ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.276 දරන විශේෂ යානය කටුනායක ගුවන් තොටුපළෙන් , ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව ගියේය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

