මෙරට නිෂ්පාදිත ගිනිඅවි 4ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
හිනිදුම ,වීරපාන - නැගෙනහිර ප්රදේශයේදි මෙරට නිෂ්පාදිත ගිනිඅවි 4ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබි සොයා ගත් ගිනිඅවි අතර බෙහෙත් කොටන තුවක්කුවක් සහ බදින තුවක්කු 3ක් වන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
සැකකරු 49 හැවිරිදි වියේ පසුවන එම ප්රදේශයේම පදිංචි පුද්ගලයෙකු වන අතර අද උඩුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
