කොවිඩ්-19 ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (16දා) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17දා) තහවුරු කළේය.
ඒ සමග මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,720ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙසේ මිය ගිය අය අතර වයස අවුරුදු 60ට වැඩි 19දෙනෙකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3දෙනෙකු වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
එසේම මියගිය අය අතර, පිරිමි පුද්ගලයන් 15දෙනකු සහ කාන්තාවන් 7දෙනෙකු ඇතුළත් බවද එම වාර්තාවේ සඳහන් වේ.