මූලාශ්‍ර සොයා ගන්නා තෙක් ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි - යුද හමුදාපති
දිවුලපිටිය කාන්තාවට කොවිඩ් ආසාදනය වූ මූලශ්‍රය සොයා ගන්නා තෙක් දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පැනවූ ඇඳිරි නීතිය ක්‍රියත්මක බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශ වෙන්ද්ර සිල්වා මහතා පැවැසීය.
කොවිඩ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම එම ප්‍ර දේශවලට පසුගිය දින කිහිපයේදී ගමන් කළ අය ප්‍ර වේශම් විය යුතු බවත් ඔහු පැවැසීය.
ඇය සේවය කරන කර්මාන්ත ශාලාවේ අඩක් පමණ නේවාසිකව සිටින බවත් එහෙයින් තත්ත්වය පාලනය වී ඇති බවත් යම්කිසි කොටසක් නිවෙස්වලට ගොස් ඇති බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.
මෙය සමාජ පැතිරිමක් වැළැක්වීම සඳහා ගත යුතු සියලු පියවර ගන්නා බවත් ඔහු පැවැසීය.
“ශ්‍රී ලංකා ජනතාව කොවිඩ් රටේ නැති ආකාරයට හැසිරුණා. අපි සෑම දිනකම නාළිකා මාර්ගයෙන් දැනුම් දුන්නා සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න කියලා.
ඒ ක්‍රියා කරන්න කිව්වට කිසිඳු උනන්දුවක් නොදක්වූවා. මෙහි මූලාශ්‍රය ඉදිරි පැය කිහිපයේදී දැන ගන්නට ලැබෙයි.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                