මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් මගින් සිදුකරන අක්‍රමිකතා පිළිබඳ මහජන අදහස්, යෝජනා සහ පැමිණිලි බාර ගැනීම අදින් අවසන් වෙයි.
එම අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ත්‍රිපුද්ල කමිටුවක් පත් කළ අතර එම කමිටුව පසුගිය 23 වනදා සිට අදාළ අදහස්, යෝජනා හා පැමිණිලි බාර ගැනීම සිදු කළේය.
මේ වනවිට එම කමිටුවට පැමිණිලි 60 කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබේ.
අදාළ කමිටුව විසින් සකස් කළ වාර්තාව හෙට (01) දිනයේ මහ බැංකු අධිපතිවරයාට බාර දීමට නියමිතව තිබේ.
