ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව හංදියේ සිට තෙල්වත්ත හංදිය දක්වා වෙරළ තරයේ අධික ලෙස රළ පහර ගැසීම හේතුවෙන් මුහුදු ජලය, වැලි හා අපද්‍රව්‍ය ගාල්ල කොළඹ මාර්ගයට පැමිණි තිබේ.
මේ හේතුවෙන් ගාල්ල කොළඹ මාර්ගයේ ධාවනය වන වාහනවලට සිය ගමනාගමන කටයුතු අපහසුතාවකින් තොරව කරගෙන යෑමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය පවසයි.
