මුලතිව් වෙරළට ගොඩගැසු ඉන්දියානු ධීවර යාත්‍රාව අනතුරකට ලක් වි ඇති බවට හෙළි වෙයි
මුලතිව් වලයාර්මඩම් වෙරළ තීරයට ගොඩගසා තිබු ඉන්දීය ධීවරයින් පිරිසකට අයත් බෝට්ටුව සම්බන්ධයෙන් තොරතුරු රැසක් අද (01) වනවිට අනාවරණය වී ඇති බව මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් පවසති.
අදාළ බෝට්ටුව 30 වැනිදා රාත්‍රීයේ වෙරළ සීමාවට පැමිණ තිබු අතර මුලතිව් ධීවරයින්,ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් හා ආරක්ෂක අංශ එක්ව බෝට්ටුව වෙරළට ඊයේ (31) රැගෙන එනු ලැබීය.
මේ අනුව බෝට්ටුව ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ලියාපදිංචි වි ඇති අතර අංක 10525/GH3/MC නමින් අදාළ බෝට්ටුව ලියාපදිංචි වි ඇති බවද ධීවර පරීක්ෂක නිලධාරීන් පැවසීය.
බෝට්ටුව තුළ තිබි ජංගම දුරකථනයක්, ධීවර ආම්පන්න තොගයක් හා ඉන්ධන පිරවුම් කෑන් තොගයක්ද හමුවි ඇති බවද ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් පැවසූ අතර අදාළ බෝට්ටුව මසුන් ඇල්ලීමට පැමිණි අවස්ථාවේ අනතුරට ලක්ව ඇති බව මුලතිව් ධීවරයින් විශ්වාස කරයි. බෝට්ටුවේ සිටි ධීවරයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවටද ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් පැවසූහ.
අනතුරට පත් අදාළ යාත්‍රාවේ සිටි ධීවරයින් සොයා බැලීමේ තටයුතු නාවික හමුදාවේ නිලධාරීන් විසින් පරික්ෂාවකට ලක් කලද ඔවුන් පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් නොලැබී ඇති අතර බෝට්ටුව ලියාපදිංචි දත්ත ඔස්සේ බෝට්ටුවේ පැමිණ ධීවරයින් සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගෙන ඇත.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
