මුලතිව් මුහුදේ දිය නෑමට ගොස් ඊයේ දින සවස අතුරුදහන්වූ තරුනයින් තිදෙනාගෙම සිරුරු අද (06) දහවල් වන විට සොයාගත් බව මුලතිව් පොලීසිය පවසයි.
මුලතිව් මුහුදේ අතුරුදහන් වූ තරුණයින් තිදෙනාගෙන් එක් තරුණයෙකුගේ මළසිරුරක් ඊයේ රාත්රියේම ප්රදේශවාසීන් සොයාගත් අතර අනෙක් තරුණයින් දෙදෙදෙනා අද දිනය දක්වාම අතුරුදහන් වී ඇත්තේ මුහුදු රළ දැඩි රලු වීම හේතුවෙන් බවද මුලතිව් පොලීසිය පැවසීය.
කෙසේ වෙතත් අද දින පොලීසිය, නාවික හමුදාව සහ ප්රදේශවාසීන් විසින් සිදුකල සෝදිසි මෙහෙයුම්වලදී අතුරුදහන් වූ සෙසු තරුණයින් දෙදෙනාගේද මළ සිරුරු සොයාගැනීමට හැකිවිය.
වව්නියාව ප්රදේශයේ සිට වෑන්රථයකින් අදාල තරුණයින් තිදෙනා විනෝදගමනක් සඳහා මුලතිව් ප්රදේශයට ඊයේ (05) දින ගොස් සවස් කාලයේ දිය නෑම සඳහා මුලතිව් මුහුදු වෙරලට ගිය අවස්ථාවේදීද මුහුදු රළ රළු වුවද එය සැලකිල්ලට නොගෙන දිය නෑමට යාමේදී මුහුදු රළට තරුණයින් තිදෙනාම එකවරම ගසාගෙන ගොස් මෙම ඛේදවාචකය සිදුව ඇති බවට පොලීසිය පැවසීය.
