මුලතිව් අලම්පිල් මුහුදු වෙරලට මිය ගිය ඩෝල්ෆින් මාලු 09 දෙනෙකුගේ සිරුරු ගොඩගසා තිබියදී ඊයේ (09) සවස අවසන් කටයුතු සිදුකල බවට උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පවසයි.
මුලතිව් අලම්පිල් මුහුදු වෙරලේ කිලෝමීටර් 2 ක් පමන වෙරල අතරේ මෙලෙස මිය ගිය ඩෝල්ෆින් මාලුන්ගේ සිරුරු ඊයේ සහ පෙරේදා දිනයන්හි වරින් වර ගොඩගසා තිබියදී ප්‍රදේශයේ ධීවරයින් විසින් ඒ පිළිබඳව මුලතිව් වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම් දී තිබුණි.
අනතුරුව වනජීවි නිලධාරීන් විසින් උතුරුපලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා වෙතට දැනුම් දීමෙන් අනතුරුව ඊයේ සවස බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලදාරීන් පිරිසක් විසින් අලම්පිල් මුහුදු වෙරලට ගොස් පරික්ෂණ සිදුකරන ලදි.
එහිදී මිය ගොස් සිටි අඩි 05 ත් 06ත් අතර දිගැති ඩෝල්ෆින් මාලු පිරිමි සතුන් සිරුරු 05 ක්ද අඩි 02 ක් දිගැති කුඩා පිරිමි ඩොල්ෆින් මාලුවෙකු සහ අඩි 05 ක් දිගැති ගැහැනු සත්ව සිරුරු 03 ක් සොයාගත් අතර ඉන් අවසන් කටයුතු සිදුකිරීමට වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් විසින් පියවර ගන්නා ලදි.
එහිදී ඩෝල්ෆින් මාලුන්ගේ සිරුරේ කොටස් කිහිපයක් රජයේ රසපරික්ෂක වෙතට යාමට පියවර ගෙන ඇති බවටත් ඩෝල්ෆින් මාලු මිය යාමට නිශ්චිතවම හේතුවක් සඳහන් කිරීමට නොහැකි බවටද වනජීවි නිලධාරීන් පැවසූහ.
මිය ගොස් සිටි ඩෝල්නේ මාලුන්ගේ සිරුරේ ප්ලාස්ටික් කැබලි කිහිපයක්ද තිබී සොයාගත් අතරම ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා හෝ මාදැලකට හසුවීම නිසා මෙම ඩොල්ෆින් මාලුන් මිය යන්නට ඇති බවට වනජීවි නිලධාරීන් සැක පල කර සිටිති.
