මුදල් කොල්ලකෑ පොලිස් නිළධාරින් 2ක් අත්අඩංගුවට
පුද්ගලයකුට පහර දී රුපියල් 92000 ක මුදල් කොල්ල කෑම සම්බන්ධව උප පොලිස් පරීක්ෂකවරයෙක් හා කොස්තාපල්වරයෙක් මාරවිල පොලීසිය අද (21දා) සවස අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල පොලිසියට අනියුක්තව මහවැව පොලිස් මාර්ග බාධකය තුළ 20 දින සේවය කල නිළධාරින් දෙදෙනෙකුය.
පහර කෑමට ලක්වි මුදල් කොල්ලකෑමට ලක්ව ඇත්තේ මිගමුව ප්රදේශයේ පදිංචි කරුවකි.
අදාල පුද්ගලයා හලාවත සිට මිගමුව බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී 20 දින මහවැව මාර් ග බාධකයේ ආරක්ෂිත අලෝක විදුලි සංඥා පහනක් යතුරු පැදියේ වැදි බිදි ගොස් තිබු බව කියයි.
අදාල සංඥා පහන වැරදිමකින් බිදි යාමේන් පසුව එම ස්ථානයේ රාජකාරි කල මේ වන විට අත් අඩංගුවේ පසුවන පොලිස් නිළධාරින් අදාල යතුරු පැදිකරු එම ස්ථානයේ රදවා ගෙන සංඥා පහන නැවත රැගෙන එමට පොලිස් නිළධාරින් බල කිරිම හේතුවෙන් යතුරු පැදිකරු අවට ප්රදේශ වලින් මිලදි ගැනිමට උත්සහ කර ඇතත් එය මිලදි ගැනිමට නොහැකි වි තිබු බව කියයි.
පසුව මෙම තැනැත්තා කොළඹ ගොස් අදාල සංඥා පහන රුපියල් 1800 ක මුදලකට මිලදී ගෙන මහවැව මාර් ග බාධකයේ නිළධාරින්ට භාර දි තිබුනි .
මෙහිදි පොලිස් නිළධාරින් එම සංඥා පහන සවි කිරිමට යැයි තවත් රුපියල් 500 මුදලක් ඉල්ලා සිටියදී තමන්ට එසේ ලබා දිමට මුදල් නොමැති බව පවසා සිටියදී අමානුෂීක ලෙස පහර දී තිබේ.
popular news
-
dayan Wednesday, 22 July 2020 07:16 AM
Police has become an under world gang.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
