මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාසල් ශිෂ්‍යයෙකු මීඋණ රෝගය වැළඳීමෙන් පෙරේදා (12) මියගොස් ඇතැයි රෝහලේ වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතා පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ 60 කොටස ජයමිණිගම පදිංචිව සිටි ඇතිමලේ මහා විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලැබූ ඩබ්ලිව්.එම් මධූක ලක්මාල් නැමති ශිෂ්‍යයෙකි.
උණරෝගය වැළඳී දින දාහතරක් පමණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම ශිෂ්‍යයා මියගොස් ඇත. සිද්ධිය පිළිබඳව ඇතිමලේ පොලිස් ස්ථානාධිපති එම්.එම් සංජය ධර්මදාස මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක