මීපේ කර්මාන්ත ශාලාව වසා දැමීම ගැන හයිඩ්‍රාමනී ආයතනයෙන් නිවේදනයක්
සිය අනුබද්ධිත ඇඟළුම් කර්මාන්තශාලාවක් වන මීපේ හි පිහිටි MRC ඇසෝෂියේට්ස් ගාමන්ට් (පුද්) සමාගම වසා දැමීමට හේතු වූයේ මූලික වශයෙන් වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වය මත ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟළුම් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම අඩුවීම බව හයිඩ්‍රාමනී ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගෝලීය ඉල්ලුම පහළ යාම හමුවේ සිය ධාරිතාවය අඩුකිරීම සඳහා, මෙය සමූහය විසින් ගනු ලැබූ තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බවත්, ඉදිරියේ දී සියලු තත්ත්වයන් සාමාන්‍යකරණය වීම මත නැවත අදාළ කර්මාන්තශාලාවේ කටයුතු ඇරඹීමට අපේක්ෂා කරන බවත් එම සමාගම පවසයි.
මෙම කර්මාන්තශාලාවේ සේවයේ යෙදුණු කාර්ය මණ්ඩලය දිවයිනේ පිහිටි සිය වෙනත් කර්මාන්තශාලාවලට අනුයුක්ත කර ඇති බව ද ඔවුන් වැඩිදුරට පවසයි.
තම සමාගම් සමූහයට ශ්‍රී ලංකාවේ සමස්ත නිෂ්පාදන ධාරිතාව අඩු කිරීමට කිසිදු අදහසක් නොමැති බවත්, රට තුළ ඇඟලුම් ක්ෂේත්රයේ වර්ධනය නඟා සිටුවීමේ දිගුකාලීන උපාය මාර්ගයේ කොටසක් ලෙස අඛණ්ඩව ආයෝජනය කිරීමට සහ පුළුල් කිරීමට කැපවී සිටින බවත් හයිඩ්‍රාමනී සමූහය වැඩිදුරටත් අවධාරණය කර සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

