මීටියාගොඩ වාචීශ්වර මාවතේ 21 වැනිදා රාත්රියේ තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කොට ඇයගේ සැමියා, දරු දෙදෙනා , සොහොයුරා, සහ තවත් ඥාතීන් දෙදෙනෙකු ඇතුලු එකම පවුලේ හයදෙනෙකුට මරණිය තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනෙකු සැකපිට ප්රශ්න කිරීම සදහා අද (23 ) අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි .
මේ සැකකරුවන් හයදෙනාගෙන් හතරදෙනෙකුම කාන්තාවන් බව පොලීසිය කියයි.
මේ සිද්ධියේ ප්රධාන සැකකරු කරාපිටිය රෝහලේ ප්රතිකාර ගනිමින් සිටියදීද තවත් සැකකරුවෙකු දොඩන්දූව ප්රදේශයේදීද අනෙක් සැකකාරියන් හතරදෙනාම මිටියාගොඩ වාචීශ්වර මාවත ප්රදේශයේදීද සැකපිට ප්රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවද මීටියාගොඩ පොලීසිය කියයි .
කරන්දෙණිය - සුසිල් ප්රියන්ත
