මැදපෙරදිග ඇතුළු රටවල් කීපයක සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට
විවිධ රටවල රැකියා වලට ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රජයේ විශේෂ අවසරය මත සහ තවත් පිරිසක් ශ්‍රී ලංකාවට කණ්ඩායම් වශයෙන් ගෙන්වන වැඩසටහන යටතේ ත් වශයෙන් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙකු 11/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඒ අනුව ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත එඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 78 දෙනෙකු ද , මාලදිවයිනේ මාලේ සිට 69 දෙනෙකු ද ,කටාර් රාජ්‍යයේ දෝහා සිට 45 දෙනෙකු ද,ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට 04 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙසේ ගුවන් තොටුපළ වෙත පැමිණි පිරිස පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර තිබූ අතර ,නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත මෙම පිරිස යොමු කර තිබේ .
මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී විවිධ කරදර වලට ලක් වී සිටි ශ්‍රී ලාංකිකයන් 292 දෙනෙකු කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වන වැඩසටහන යටතේ 11/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන්ගේ පී.සී.ආර්.පරීක්ෂණ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් කාර්යය මණ්ඩලයක් මගින් සිදු කළ අතර නීරෝධායන කටයුතු සදහා රජයේ මධ්‍යස්ථාන වෙත මෙම පිරිස රැගෙන ගොස් තිබුණි .
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

