මැති ඇමතිවරුන්ට ජනපති උපදෙසින් විශේෂ වැඩමුළුවක්
රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සියලු අමාත්‍යවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම මහ බංකු හා භාණ්ඩාගාර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ එක් දින වැඩමුළුවක් පැවැත්වීමට ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවට උපදෙස් දී තිබේ.
මෙම වැඩසටහන පිළිබඳ පුළුල් ලෙස දැනුවත් කිරීම, අදහස් සහ යෝජනා ලබා ගැනීම එහි අරමුණයි.
ජාතික ආර්ථික සභාව අද (15දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදෙනු ලැබීය.
රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ, ඒකාබද්ධ ශීඝ්‍රගාමී ග්‍රාමීය සංවර්ධන වැඩසටහන මූලික කර ගනිමින් ක්‍රියාවට නැංවීමට නියමිත අතර, කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් සාර්ව, ශුද්ධ සහ ව්‍යූහාත්මක යන කොටස් 03 යටතේ එම උපායමාර්ග ක්‍රියාවට නැංවීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙම වැඩපිළිවෙළ දැනට ක්‍රියාත්මක සියලු සංවර්ධන වැඩසටහන් ඒකාබද්ධ කර ගනිමින් ක්‍රියාවට නැංවීම පිළිබඳවද අවධානය යොමු විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


