මැතිවරණ කොමිසන් සභාවේ නිල කාලය අදින් (12) අවසන් වේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 2015 වසරේ නොවැම්බර් මස 13 වනදා එම කොමිසන් සභාව ස්ථාපිත කෙරුණි.
මැතිවරණ කොමිසන් සභාව, සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර එහි සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය මහතා කටයුතු කළේය.
මීට අමතරව මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් විය.
කෙසේවෙතත් මැතිවරණ කොමිසන් සභාවේ නිල කාලය අදින් අවසන් වුව ද නව කොමිසමක් පත්කරන තුරු සභාපතිවරයාට කොමිසන් සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව පවතී.