මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් දැනුම් දීලා
මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙන බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22දා) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවැසීය.
ඒ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පෙත්සම් පස්වැනි දිනයටත් විභාගයට ගැනීමෙන් අනතුරුවය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා එසේ පවසා තිබියදී මැතිවරණ කොමිසම එම මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරිම ප්‍රමාද කර සිටින්නේ ඇයිද යන්න ගැටළු සහගත කරුණක් යැයිද රොමේෂ් ද සිල්වා පැවැසීය.
පෙත්සම් වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22) වැඩිදුරටත් කරුණු දැක්වීම මේ බව කීය.
popular news
-
Don Friday, 22 May 2020 08:12 PM
ජාසිංහ මහා ජනතාවට නම් ර්හාම එහෙම වචනයක්වත් කියල නෑ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

