තමන්ට අද බනින අය තව අවුරුදු 25 කට පස්සේ තමන් මියගිය පසු මීට වැඩිය තමන් ගැන කථා කරාවි යැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (16) උදෑසන මැදිරිගිරිය දහම් වැව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.
මොරගහකන්ද ව්‍යාපාරය ආරම්භ කිරීම සහ මැදිරිගිරිය බිසෝපුර නව ජනපද ආරම්භ කිරීම පිළිබඳව තව අවුරුදු 25කින් පමණ කතා කිරීමට හැකිවනු ඇතැයි මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
අද මේ රටේ ජනතාව ඩී එස් සේනානායක මහතා ගැන කතා කරනවා. ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරපු ඒ ජනපද ව්‍යාපාරයේ පියා හැටියට, පොළොන්නරුවෙ මහා සංවර්ධනයකට උරදුන් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවේ, මැදිරිගිරි ව්‍යාපාරය සංවර්ධනය කරපු විශේෂයෙන්ම සී පී ද සිල්වා මහත්තය ගැන පොළොන්නරු ජනතාව කතා කරනවා . මොරගහකන්ද ව්‍යාපාරය හදලා පොළොන්නරුව සංවර්ධනය කරලා නව අතට හරවල මේ බිසෝපුර අලුතින් ජනපදය ඇති කරල තමුන්නාන්සේලා පදිංචි කරපු මේ මම ගැන තව අවුරුදු 25කින් කතා කරයි මීට වැඩිය කතා කරයි. මම මැරිච්ච දවසක කතා කරයි මීට වැඩිය මම දන්නවා එක.
අද මට බනින මිනිස්සු මම ගැන මීට වැඩිය කතා කරයි. මම ගැන පොත් ලියයි. මම ගැන ලිපි ලේඛන ලියයි. මම ගැන හුඟක් දේවල් කතා කරයි. මම මිනිස්සුන්ට ආදරේ කරපු මිනිහෙක්. මම මිනිස්සුන්ට ආදරේ කරන මිනිහෙක්. මම දූෂණයට වංචාවට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැති මිනිහෙක්. මම අහිංසක දුප්පතා වෙනුවෙන් වැඩ කරපු මිනිහෙක්. මෙතන ලංකාපුර මැදිරිගිරිය ජනතාව ඉන්නවා අද ලංකාවෙ වකුගඩු රෝගීන් කීදෙනෙක් ඉන්නවද, අහිංසක වකුගඩු රෝගීන් වෙනුවෙන් මම තරම් කිසිම කෙනෙක් වෙන සේවයක් කරලා නෑ.
මේ රටේ,2015 ජනාධිපතිවරණයේ දී මට කෝටි ගාණක් හම්බුනා මගේ මැතිවරණ අරමුදලට. මට ඒවා සාක්කුවට දා ගන්න තිබුණා පොල්වතු තේවතු ගන්න තිබුණා මගේ ළමයින්ට ගෙවල් දොරවල් හදලා දෙන්න තිබුණා. මං ඒ වගේ මොනවද කෙරුවෙ ගිහිල්ලා බලන්න අනුරාධපුර ඉස්පිරිතාලෙට. ආණ්ඩුවේ කිසිම සතයක් නෑ මට හම්බවෙන මැතිවරණ සල්ලි තට්ටු 4 million 400 යි කෝටි 400 ගිහිල්ලා බලන්න. යන්න අනුරාධපුරේ ඉස්පිරිතාලෙට ගිහිල්ලා බලන්න යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.
