මාස 3කදී යාපනයේ 1600 ක් යුදහමුදාවට
2021 වසරේ ගෙවී ගිය මාස 03 ක කාලය තුළදී පමණක් යාපනය දිස්ත්‍රික්කයේ දමිළ තරුණ තරුණියන් 1600 ක් පමණ යුදහමුදාවට බැඳී ඇති බව යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.
යුදහමුදාපතිවරයා මේ බව පවසා සිටියේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැති හමුවකදීය.
“තවමත් බෙදුම්වාදී මත දරණ විවිධ පුද්ගලයින් හා කණ්ඩායම්වල බලපෑම් එල්ලවෙමින් තිබියදීත් යාපනය අර්ධද්වීපයෙන් මේ ආකාරයෙන් දමිළ තරුණ තරුණියන් යුද්ධ හමුදාවට ආධුනිකයින් වශයෙන් බැඳීමට ඉදිරිපත් වීම අප ලැබූ ජයග්‍රහණයක්.
මෙම අර්ධද්වීපය තුළ යුද හා ගුවන් හමුදා සාමාජිකයන් 7000 කට ආසන්න පිරිසක් මගින් නිරෝධායන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පහසුකම් මහජනයාට සලසවමින් මූලිකත්වය ගෙන කටයුතු කිරීම මා විශේෂයෙන් අගය කිරීමට කැමතියි. එසේම, ඉතා විශාල කැපකිරීමක් සිදුකරමින් දිවා රෑ නොබලා සිදුකරනු ලැබූ මෙම කාර්යය තවමත් අවසන්ව නැතත් ඔබ සිදුකරන කාර්යභාරය මුළුමහත් ජාතියේම ඇගයීමට ලක්ව තිබෙන බව මා ඔබට පැවසිය යුතුයි.
දමිළ ජනතාව බහුතරයක් වාසය කරන යාපනය අර්ධද්වීපය ඉතිහාසයේ සිටම රටේ විශේෂ අවධානයක් යොමු වී තිබෙන ප්‍රදේශයක් බව අපි හොඳින් දනිමු. ඔබ රාජකාරි කරන යාපනය අර්ධද්වීපය එදා මෙන්ම අදත් අප රටේ පමණක් නොව විදේශ රාජ්‍යයන්හිද නිරන්තර අවධානයට පාත්‍ර වී තිබෙන බව සඳහන් කළ යුතුයි.
වර්ථමානයේ යාපනය අර්ධද්වීපයේ පවතින සාමකාමී පරිසරය ඇතිකිරීම වෙනුවෙන් තිරුනෙල්වේලි ප්‍රදේශයේදී ප්‍රථමවරට එල්ටීටීඊ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගිය යුද්ධ හමුදාවේ ලුතිතන් වාස් ගුණවර්ධන ඇතුළු රණවිරුවන් 13 දෙනාගේ පටන් ජීවිත පරිත්‍යාග කළ යුද, ගුවන් හා නාවික හමුදාවන්වල සියලුම වීරෝදාර රණවිරුවන්ට මා නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. එසේම, මෙම ප්‍රදේශයන් ආරක්ෂා කිරීමේ මෙහෙයුම් වලදී ප්‍රතිකාර ලබන රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටත් මෙම අවස්ථාව යොදාගන්නා බව” යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.
popular news
-
amila Monday, 19 April 2021 09:28 AM
Kanda deyak eththema nethuwa ethi ne a?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
