රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ වී මාස 6කට පසුව ලෝකයේ බොරතෙල් මිලේ අවම අගය ඊයේ වාර්තා වී තිබේ. ආර්ථික අවපාතයත් සමග ඉන්ධන ඉල්ලුම අඩුවීම හේතුවෙන් මෙසේ ඉන්ධන මිල තරමක් දුරට පහල ගොස් තිබේ.
බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය ඊයේ දිනයේදී සියයට 2.75කින් එනම් ඩොලර් 2.66කින් පහළ ගොස් ඩොලර් 94.12ක් බවට පත්විය. එය පෙබරවාරි 18න් පසුව වාර්තා වූ අවම මිලයි.
බටහිර ටෙක්සාස් අතරමැදි දර්ශකය සියයට 2.12කින් එනම් ඩොලර් 2.34කින් පහළ ගොස් ඩොලර් 88.54ක් බවට පත්විය. මෙය පෙබරවාරි 02න් පසුව වාර්තා වූ අවම අගයයි.