මාලදිවයින තුළ රැකියා සදහා ගොස් සිටි ශ්රී ලාංකිකයන් 176 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ශ්රී ලාංකිකයන් පිරිස මාලදිවයින තුළ සංචාරක ක්ෂේත්රයේ රැකියා වල නිරත වී සිටි පිරිසක් බවට තොරතුරු වාර්තා වේ .
ඔවුන් අද දින දහවල් 11.38 ට මාලදිවයින මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස එහිදී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කර තිබේ.
