කොළඹ සිට දිනපතා නීති විරෝධී ලෙස මාර්ග බලපත් නොමැතිව දුරගමන් සේවාවල නිරතවන සුඛොපභෝගි බස් රථ අත් අඩංගුවට ගෙන නීතියට අනුව කටයුතු කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබුණි.
මෙම බස් රථ විසින් එම ගමන් වාර සඳහා මගීන්ට දරා ගත නොහැකි අන්දමටවිහාල ගාස්තුවක් ද අය කරයි.
මේ අන්දමින් ධාවනය කෙරෙන බස් රථ දැනට 30කට ආසන්න ප්‍රමාණයක් කොළඹ විවිධ ස්ථානවල ගාල් කර තබා රාත්‍රි කාලයේ දී යාපනය හා මඩකලපුවට මගී ජනතාව ප්‍රවාහනය කරන බව බස් රථ අයිතිකරුවන්ගේ සංගම් විසින් පෙන්වා දී තිබුණි.
එවැනි බස් රථ අත් අඩංගුවට ගත්තද, ඔවුන්ට නඩු පැවරීමෙන් අනතුරුව දඩය වශයෙන් ගෙවීමට සිදුවන්නේ රුපියල් දසදහසක් වැනි සුළු මුදලක් වන අතර එම මුදල ගෙවා නැවතත් මගී ප්‍රවාහන සේවාවල නිරත කරවනු ලබයි.
එමනිසා මෙවැනි බස් රථ අත්අඩංගුවට ගැනීම අඛණ්වවම ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබුනි.
ඒ් අනුව පෙරේදා (26) රාත්‍රියේ මඩකලපුවට ධාවනය කළ බස් රථ දෙකක් හා යාපනයට ධාවනය කළ එක් බස් රථයක් අත් අඩංගුවට ගැනීමට ජාතික ගමනාගමන කොමිසම හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව පියවර ගැනිනි. ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇත.
ඔිමන්තෙයි හිදී පෙරැළි ගොස් අනතුරට ලක්ව තිබෙන්නේ එසේ අත්අඩංගුවට ගන්නා ලද එක් බස් රථයක් බවත් එහි ගමන්ගත් මගීන් 13 දෙනෙක් පමණ තුවාල ලබා ඇතිබවත් ජාතික ගමනාගමන කොමිසම පවසයි.
කෙසේ වුවද පොදු ප්රවාහණය සඳහා යොදවා තිබෙන බස් රථවල ගමන් ගන්නා මගීන් රක්ෂණය කිරීමක් සිදු කෙරෙන්නේ එම බස් රථ සඳහා විදිමත් ලෙස ධාවනය සඳහා ජාතික ගමනාගමන කොමිසමේ අනුමැතිය ඇත්නම් පමණි.
නමුත් මෙම හොර මගී ප්‍රවාහණ සේවා බස් රථ සඳහා ජාතික ගමනාගමන කොමිසමේ අනුමැතියක් නොමැති බැවින් හදිසි අනතුරකට ලක් වුවහොත් තුවාල හෝ මරණයට පත්වන මගීන්ට රක්ෂණ වන්දි පහසුකම් හිමි නොවන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.
මෙම බස් රථ අත් අඩංගුවට ගැනීමට ඇති අපහසුතාවය වන්නේ දිනපතා බස් රථ ගාල් කරන ස්ථාන වෙනස් කිරීමත්, වේලාව වෙනස් කරමින් ධාවනය කෙරෙන නිසාත් බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.