රජයේ හොරණෑවක් නොවී සමාජ සංවර්ධනය සහ ජනතා සුබසිද්ධිය උදෙසා සියලු මාධ්‍ය ආයතන ක්‍රියාකළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ජගත් පී. විජේවීර මහතා පැවැසීය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 35 ක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ඒ මහතා අද (17දා) ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් මේ බව පැවැසීය.
මාධ්‍ය තුළ යම් පිරිහීමක් දක්නට ලැබුණද ඒවා නිවැරදි කර සියලු මාධ්‍ය ආයතන ලාභ උපයන, ආර්ථික, අධ්‍යාපනික ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට සහ සමාජ සංස්කෘතික යහපැවැත්ම සඳහා දායකත්වය සපයන තත්වයට පත්කළ යුතු බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.
කැළණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය හදාරා ඇති විජේවීර මහතා, ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙක් ද වේ.
සිය වෘත්තීය ජීවිතය තුළ රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු රැසක විවිධ ධූරයන් හොබවා ඇති ජගත් පී. විජේවීර මහතා නිතීය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙසද, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මෙන්ම වෙනත් රාජ්‍ය ආයතන රැසකම සේවය කර අත්දැකීම් බහුල නිලධාරියෙකි. ජගත් පී. විජේවීර මහතා අවසන්වරට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
