පසුගිය දිනයක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ සිදුවීම ගැන පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ මෙම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්ය පටිපාටිය නොවන බවය.
විමර්ශන සඳහා මධ්‍යයක සහය ඉල්ලා සිටි අවස්ථාවලදී එම මාධ්‍ය ආයතන විසින් සහාය ලබාදෙන බැවින් මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සාමාන්‍යයෙන් සිදු නොකරන බව මෙම නිවේදනයේ සඳහන් වෙයි.
පොලිස් මූලස්ථානය සිය නිවේදනයෙන් අපහසුතාවට පත්වූ මාධ්‍යවේදීන්ට කණගාටුව පලකර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීමය භාවයට කැළලක් වන අන්දමින් වගකීම් විරහිව, නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.