මහ මැතිවරණයට අදාළ මාතලේ දිස්ත්‍රික්කය තුළ අද ( 01) දා උදැසන වන විට මැතිවරණ නිති උල්ලංඝණය කිරිමේ සිද්ධින් 73ක් වාර්තා වි ඇති බව මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
මාතලේ දිස්ත්‍රික්කය තුළ බරපතළ ගණයේ ප්රචණ්ඩ ක්‍රියා වාර්තා නොවන බවත් නීති විරෝධි රැස්විම්, භාණ්ඩ බෙදාදිම් ආදි සංග්‍රහ කිරිම් ආදි සිද්ධින් වාර්තා වන බවත් අපේක්ෂකයන් සදහා භාවිතා කිරිමට හැකි වාහන පිළිබදව ඒ ඒ දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ගෙන් ලබා ගත් බවත් කාර්යාලය වෙත ලබා දි ඇති වාහනවල විස්තරවලට අදාළව ඉන් පරිබාහිරව භාවිතා කරන වාහන පිළිබදව පොලිසිය යොදා පරික්ෂා කරන බව සහකාර මැතිවරණ කොමසාරිස් කුමරනි ප්‍රතාපසිංහ මෙනවිය සදහන් කළාය.
මෙම පැමිණිලි පිළිබදව විමර්ශනය කරන බවද පැමිණිලි කිහිපයක් පිළිබදව මැතිවරණ කොමිසම වෙත වාර්තා කර ඇති බවද සහකාර කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවාය.
